Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පළමු වරට සංවිධාන කරන කාන්තා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩිකාවන් මිලදී ගැනීමේ වෙන්දේසිය මුම්බායි හී දී ඊයේ රාත්‍රියේ පැවැත්වුණා .

මෙම වෙන්දේසියේ දී ක්‍රීඩිකාවන් 87 දෙනෙකු අලෙවි වූ අතර, ඒ අතරට විදෙස් ක්‍රීඩිකාවන් 30 දෙනෙකු ඇතුළත්.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ද වෙන්දේසිය සදහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ නමුත්, ඉන් ඉදිරිපත් කෙරුණේ චමරි අතපත්තු, අනුෂ්කා සංජීවනී සහ ඉනෝකා රණවීර යන ක්‍රීඩිකාවන් පමණයි.

කෙසේ වෙතත් එම ක්‍රීඩිකාවන් මිලදී ගැනීමට ද කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් වූයේ නැහැ.
ඉන්දීය ක්‍රීඩිකා ස්ම්රිති මන්දනා වෙන්දේසියේ දී ඉහළම මිලකට අලෙවි වුණා .

ඇය මිලදී ගනු ලැබුවේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි 3.4 ක මුදලකට වන අතර එය මෙරට මුදලින් රුපියල් කෝටි 15ක පමණ අගයක් වනවා.

WhatsApp Group

Skip to content