වයස අවුරුදු 19 න් පහල කාන්තා පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ටේ්‍රලියානු කණ්ඩායම අතර තරගය අද පැවැත්වෙනවා.

මෙරට වේලාවෙන් තරගය පස්වරු 01.30 ටයි ආරම්භ වීමට නියමිතව ඇත්තේ.

සමස්ත තරගාවලියේ 17 වන මෙම තරගය දකුණු අප්‍රිකාවේ බෙනෝනි ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනු ඇති.

මෙම තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරඟාවලියේ මූලික වටයේ මුහුණ දෙන අවසන් තරඟය වන අතර තරඟය ජයගතහොත් සුපිරි කණ්ඩායම් හයේ වටයට පිවිසීමට ඔවුන්ට හැකි වනවා.

WhatsApp Group

Skip to content