පෞද්ගලික අංශය මගින් කීරි සම්බා සහල් වෙනුවට ඊට සමාන ජී.ආර්. 11 නමැති ආදේශක සහලක් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

මේ අනුව එම සහල් ප්‍රභේදයෙන් සහල් මෙට්ටි්‍රක් ටොන් 50,000 ක් ආනයනය කිරීමටයි තීරණය වී ඇත්තේ.

දේශීය වෙළදපොල තුළ කීරි සම්බා සහ සම්බා සහල්වල මිලෙහි තරගකාරිත්වයක් ඇතිකරමින් මිලෙහි වාසිය පාරිභෝගිකයාට ලබාදීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව සදහන්.

මේ අතර එළඹෙන වසරේ අප්‍රේල් මාසය දක්වා බිත්තර ආනයනය කිරීමට තීරණය කර ඇති බව ද වෙළද, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශය පවසනවා.

එහි ලේකම් රංජිත් අතපත්තු මහතා සදහන් කළේ ප්‍රමාණවත් පරිදි ඉන්දියාවෙන් බිත්තර ආනයනයට රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවට අවසර ලබා දී ඇති බවයි.

මෙම දිනවල වෙළදපොලේ බිත්තරයක මිල රුපියල් 60 ත් 65 ත් අතර මුදලකට අලෙවි වනවා.

WhatsApp Group

Skip to content