Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ධුරයෙන් නෙරපා හරිමින්, අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේනවා.

ඒ, වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා විසින් .

එම ගැසට් නිවෙදනයෙහි දැක්වෙන්නේ 2023 වසරට අදාළ කුරුණෑගල මහ නගර සභා අය වැය පරාජයට පත්වීම, හේතුවෙන් ඔහු මෙලෙස ධූරයෙන් ඉවත් කරන බවයි .

ඒ අනුව, 2022 වසරේ දෙසැම්බර් 31 සිට ක්‍රියාත්මක වන පරිදි ඔහු ධූරයෙන් ඉල්ලා අස්වූවා සේ සලකන බව ආණ්ඩුකාරවරයා සඳහන් කර තිබෙනවා .

එමගින් පුරප්පාඩු වන නගරාධිපති ධූරයේ රාජකාරි ආවරණය කිරීමේ වගකීම නියෝජ්‍ය නගරාධිපතිවරයා වෙත පවරා තිබෙන බව සදහන්.

මේ අතර තුෂාර සංජීව විතාරණ මහතා ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා කුරුණෑගල මහ නගර සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරඟ කිරීමට නියමිත බව වාර්තා වනවා .

WhatsApp Group

Skip to content