හිටපු ප්‍රධාන ගිනි නිවීමේ නිලධාරියා වූ කේ එම් අයි ද සිල්වා මහතා පෙරේදා අලුයම අභාවප්‍රාප්ත වුණා.
ඒ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා ඊයේ පස්වරු 5 සිට පස්වරු 10 දක්වා දේහය ජයරත්න මල්ශාලාවේ ලෝටස් ශාලාවේ තැන්පත් කළ අතර, අද දිනයේද පෙරවරු 8 සිට දහවල් 12 දක්වා අවසන් ගෞරව දැක්වීමට හැකියාව පවතිනවා.
අනතුරුව දේහය අලුත්ගම මල්ශාලාවට ගෙනගොස් පස්වරු 02 සිට පස්වරු 03 දක්වා අවසන් ගෞරව දැක්වීම සඳහ තැන්පත් කිරීමටයි කටයුතු යොදා ඇත්තේ.
කේ.එම්.අයි. ද සිල්වා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද දිනයේ අලුත්ගම රෝමානු කතෝලික දේවස්ථානයට යාබද සුසාන භූමියේදී සිදු කරන අතර අද පස්වරු 03.30ට අලුත්ගම මල්ශාලාවේ සිට දේහය සුසාන භූමිය වෙත ගෙන යාමටයි කටයුතු යොදා තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311