රුසියාවේ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයෙකු අල්ලස් ලබා ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එරට ඉහළම විමර්ශන ආයතනය විසින් ඔහුව අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
රුබල් මිලියනයක් හෙවත් ඩොලර් 10,700ක මුදලක් ඔහු අල්ලස් ලෙස ලබා ගෙන ඇති බව සඳහන්.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් එම නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාගේ ප්‍රතිචාරය කුමක්ද යන්න මෙතෙක් සඳහන් කර නැහැ.
මෙම අල්ලස් ලබා ගැනීමේ සිද්ධියට ඔහු වැරදිකරු වුවහොත් සැලකිය යුතු දඩයක් සහ වසර 15ක් දක්වා සිර දඬුවමක් නියම කළ හැකි බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311