Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

හදුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීම සඳහා අධිකරනයට ගෙනගොස් සිටි කොල්ලකරුවන් දෙදෙනෙක් අත් මාංචු සමග පළාගොස් තිබෙනවා.

“චුට්ටියා” සහ “චූටියා” නැමැති කොල්ල කරුවන් දෙදෙනා මෙලෙස කැස්බෑව අධිකරණ භූමියේදී පළා ගොස් ඇති බවයි පිළියන්දල පොලිසිය පවසන්නේ.

පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් පිළියන්දල නගරයේ ලොතරැයි අලෙවි කුටියකින් රුපියල් 7000ක මුදලක් කොල්ලකෑම ඇතුළු කොල්ලකෑම් කීපයකට සම්බන්ධව සිටි මෙම සැකකරුවන් දෙදෙනා විශ්ව කලාව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබුණා.

සැකකරුවන් දෙදෙනා හඳුනා හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට කැස්බෑව අධිකරණ භූමියේ පොලිස් මුරපොළේ කාමරයක රඳවා සිටියදී ඔවුන්ට දමා තිබූ අත් මංචු පිටතට නොපෙනෙන ලෙස ආවරණය කර තිබූ රෙද්දෙන් වසාගෙන ප්‍රධාන ගේට්ටුවෙන් හොරණ කොළඹ ප්‍රධාන මාර්ගයට අවතීර්ණ වී ත්‍රිරෝද රථයක නැඟ පලාගොස් ඇති බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

පළා ගිය කොල්ලකරුවන් යලි අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් සහ බුද්ධි නිලධාරීන් යොදවා ඇති බව සඳහන්.

 

WhatsApp Group

Skip to content