Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

කොළඹ ප්‍රදේශ කිහිපයක අනිද්දා පැය 10ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය බව පවසනවා.

විදුලිබල මණ්ඩලය සිදුකරන අත්‍යවශය නඩත්තු කටයුත්තක් ඊට හේතුවයි.

ඒ අනුව අනිද්දා පෙරවරු 11 සිට රාත්‍රි 09 දක්වා, කොළඹ, දෙහිවල – ගල්කිස්ස, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සහ කඩුවෙල මහනගර සභා බල ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.

එමෙන්ම මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බලප්‍රදේශවලට මෙන්ම කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශිය සහා බල ප්‍රදේශවලට ද එම කාලය තුළ ජල සැපයුම අත්හිටුවනවා.

අදාළ කාලය තුළ රත්මලාන, කටුබැද්ද යන ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කළා.

 

WhatsApp Group

Skip to content