වසරේ ගතවූ කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් 13,739 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරනවා.

වැඩිම රෝගීන් සංඛ්‍යවක් වාර්තා වී ඇත්තේ, බස්නාහිර පළාතෙන්.

එය සමස්ත රෝගීන් සංඛ්‍යවෙන් 41.2%ක්.

මේ අතර මාර්තු 24 දින ශ්වසන රෝග දිනය ලෙස නම් කර තිබෙනවා.

ඒ වෙනුවෙන් අද දින වී එෆ් එම් කතා මිනිස්ට්‍රි කාලින වැඩසටහනට එක් වෙමින් ළමා ශ්වසන රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය කාංචනා උයන්ගොඩ මහත්මිය කියා සිටියේ ක්ෂය රෝගය බැක්ටීරියාවක් මාර්ගයෙන් තවත් කෙනෙකුට සම්ප්‍රේෂණය විය හැකි බවයි.

https://www.vnews.lk/storage/2023/03/KANCHANA-UYANGODA-EDIT.mp3?_=1

මේ අතර එම වැඩසටහනට එක් වෙමින් ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය තනූජා තිසේරා මහත්මිය කියා සිටියේ ශරීරයේ ප්‍රතිශක්තිකරණය අඩු පිරිසට ශ්වසන රෝග වැළඳීමේ වැඩි ඉඩකඩක් පවතින බවයි.

https://www.vnews.lk/storage/2023/03/THANUJA-THISERA-EDIT.mp3?_=2

WhatsApp Group

Skip to content