Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

තවත් නෞකා තුනක ගල් අඟුරු ගොඩබෑමේ කටයුතු අද දිනයේදී ආරම්භ කිරීමට නියමිතයි.

අදාළ නෞකා තුනෙන් පමණක් රැගෙනවිත් ඇති ගල් අඟුරු තොගය මෙට්‍රික් ටොන් 180,000ක්.

පසුගිය 16 වනදා දිවයිනට පැමිණි 17 වන ගල් අඟුරු නෞකාවේ ගල් අඟුරු තොග ගොඩබෑමේ කටයුතු මේ වන විට සිදුකෙරෙනවා.

ඊට අමතරව තවත් ගල් අඟුරු නෞකා 03ක් මේ වන විට දිවයින බලා යාත්‍රා කරමින් පවතින බවයි ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති ශෙහාන් සුමනසේකර පැවසුවේ.

ඒ අනුව, නොරොච්චෝලේ ලක්විජය බලාගාරය ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රමාණවත් ගල් අඟුරු සංචිත පවතින බවයි ඔහු පවසන්නේ.

මේ අතර ගල් අඟුරු මෙට්‍රික් ටොන් 180,000ක් රැගත් ගල් අඟුරු නෞකා 03 ක් ඊයේ දිවයිනට ළඟා වුනා.

ඒ අනුව මේ වනවිට ඇණවුම් කර ඇති ගල් අඟුරු නෞකා 30න් නෞකා 19ක් මෙරටට පැමිණ තිබෙනවා.

නොරොච්චෝලේ බලාගාරය පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා දිනකට අවශ්‍ය කෙරෙන ගල් අඟුරු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 7500ක්.

ඒ අනුව ගල් අඟුරු නෞකා 30ක් දිවයිනට රැගෙන ඒම ලංකා ගල් අඟුරු සමාගමේ අපේක්ෂාවයි.

WhatsApp Group

Skip to content