ප්‍රක්ෂේපණ යන්ත්‍රවල අත්‍යාවශ්‍ය නඩත්තු කාර්යයක් සදහා වසා දමා තිබූ ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ පාසල් සහ මහජන දර්ශන අද සිට යළි ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරනවා.
මේ වසරේ පෙබරවාරි 27වැනිදා සිට ඊයේ දිනය දක්වා මෙම නඩත්තු කටයුතු හේතුවෙන් ග්‍රහලෝකාගාරයේ මහජනයා සදහා දර්ශන වාර අවලංගු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
ඒ අනුව අඟහරුවාදා සිටි සිකුරාදා දක්වා පෙරවරු 10 සිට පස්වරු 2 දක්වා කාලය පාසල් දර්ශන පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
එමෙන්ම සෙනසුරාදා පෙරවරු 10 සිට පස්වරු 2 දක්වා කාලය මහජන දර්ශන සඳහා වෙන් කිරීමටයි කටයුතු කර ඇත්තේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311