Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ඩීසල් මිල අඩුවුවද තමන්ට ප්‍රවාහන ගාස්තු අඩු කළ හැක්කේ සියයට පහකින් පමණක් බව අම්බලන්ගොඩ පාසල් ළමුන් ප්‍රවාහන සංගමය පවසනවා.

අද අම්බලන්ගොඩ පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ සභාපති මංජුල ප්‍රදීප් මහතා ප්‍රකාශ කළේ විශේෂයෙන්ම බස්නාහිර පළාතේ පාසල් ළමුන් ප්‍රවාහන සංගම් සියයට දහයකින් ගාස්තු අඩු කළත් තමන්ට එය කිරීමට හැකියාවක් නැති බවයි.

ඒ මහතා සඳහන් කලේ සිය සංගමය පාසල් නිවාඩු මාසවල ප්‍රවාහන ගාස්තු අය නොකරන බවයි.

නමුත් බස්නාහිර පළාතේ නිවාඩු මාස වලද ගාස්තු අය කරන හෙයින් ඔවුන්ට සියයට දහයකින් ගාස්තු අඩු කළ හැකි බවයි මංජුල ප්‍රදීප් මහතා පෙන්වා දෙන්නේ.

ඩීසල් මිල සුළු මුදලකින් අඩු වුවත් සිය කර්මාන්තයට අවශ්‍ය අනෙක් දෑවල මිල ඉහල ගොස් ඇති බැවින් ප්‍රවාහන ගාස්තුව මැයි මස සිට සියයට පහකින් අඩු කිරීමට පියවර ගන්නා බවයි ඒ මහතා සඳහන් කලේ.

 

WhatsApp Group

Skip to content