ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට එල්ල වූ ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරවලින් කාන්තාවන් සහ ළමයින් ඇතුළු 15 දෙනෙක් මිය ගොස් තිබෙනවා.
ගාසාවේ සිවිල් ආරක්‍ෂක අංශය පවසන්නේ රෝහල් තුළ සිදු විය හැකි ඊශ්‍රායල යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි.
නසාර් රෝහල අසල සමූහ මිනීවළකින් සිරුරු සිය ගණනක් ගොඩගැනීමත් සමඟයි මේ පිළිබඳ අවධානය යොමුව ඇත්තේ.
ගාසා තීරයේ මිලියනයකට වඩා වැඩි පිරිසක් මේ වන විට අවතැන්ව සිටිනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311