2023 වර්ෂය සඳහා වෙන් කර ඇති මූල්‍ය ප්‍රතිපාදන සීමාව ඇතුළත කළමනාකරණය කර ගැනීමට යටත්ව පළාත් කිහිපයක ගුරු පුරප්පාඩු සඳහා අධ්‍යාපනවේදී උපාධිධාරීන් බඳවා ගැනීමට අනුමැතිය හිමිව තිබෙනවා .

දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා අධ්‍යාපනවේදී උපාධිධාරීන් බඳවා ගැනීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය මේ බව කියා සිටියා.

ඒ අනුව සබරගමුව, උතුරු මැද, වයඹ, බස්නාහිර, දකුණ හා උතුරු පළාත්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා අධ්‍යාපනවේදී උපාධිධාරීන් බඳවා ගැනීමට අනුමැතිය ලබා දී ඇති බව සදහන්.

මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීම මත මධ්‍යම, නැගෙනහිර හා ඌව පළාත් සඳහා බඳවා ගැනීම සිදු කිරීමට අනුමැතිය හිමිව නොමැති බවද දැනුම් දී තිබෙනවා .

WhatsApp Group

Skip to content