කළුතර ගුරු අභ්‍යාස විද්‍යාලයේ ඉගෙනුම ලබන ගුරු ශිෂ්‍ය ශිෂ්‍යාවන් සියයකට ආසන්න පිරිසකට උණ රෝගය වැළදී ඇති බව එම විද්‍යාලයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා .

ගුරු ශිෂ්‍ය ශිෂ්‍යාවන් උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව ඇතුළු රෝග ලක්ෂණවලින් පෙළෙන බවද සදහන් .

උණ රෝගය වැළඳුණු හතළිහකට ආසන්න පිරිසක් නිවෙස්වලට පිටත්කර ඇති බවත්, අනෙක් පිරිස නේවාසිකාගාරවල රැඳී සිටින බවත් වර්තවනවා .

රෝගීන්ට ප්‍රමාණවත් පරිදි සෞඛ්‍ය පහසුකම් සහ ආහාර පහසුකම් ඇතුළු අනෙකුත් පහසුකම් නොමැති බවද විද්‍යාපීඨ ආරංචි මාර්ග සඳහන් කළා.

WhatsApp Group

Skip to content