ගුවන් ටිකට්පත්වල මිල ගණන් සියයට විස්සකින් පමණ අඩු කර තිබෙනවා.

ඩොලරයේ මිල අඩු වීමත් සමගයි මෙම පියවර ගෙන ඇත්තේ.

ගුවන් ටිකට්පත්වල මිල ඉදිරියේදී තවත් අඩු කිරීමට ගුවන් සමාගම් එකග වු බවයි අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා සදහන් කළේ.

මෙරට ක්‍රියාත්මක ගුවන් සේවා සමාගම්වල නියෝජිතයින් සමග පැවති විශේෂ සාකච්ඡාවකදීයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

දිවයිනට පැමිණෙන සංචාරකයින්ගේ වැඩිවීමත් සමග නව ගුවන් සේවා හතක් මෙරටට පැමිණෙනු ඇති බවයි මෙහිදී අනාවරණ වුණේ.

WhatsApp Group

Skip to content