අන්තර්ජාලය ඔස්සේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා අයදුම්පත් භාර ගැනීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව සැළසුම් කර තිබෙනවා.

ලබන වසරේ ජනවාරි මාසයේ සිට මෙය ක්‍රීයාත්මක බවයි එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

ඒ අනුව අදාළ වැඩසටහන හරහා අයදුම්කරුවෙකුට නිවසේ සිටම තම අයදුම්පත දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකියාව පවතිනවා.

කෙසේ වෙතත් අයදුම්කරුට ඇඟිලි සළකුණ වැනි විධිවිධාන සඳහා පමණක් දෙපාර්තමේන්තුවට පැමිණිය යුතු වනවා.

ඒ සඳහා ඇඟිලි සලකුණු ලබාගැනීමට සෑම දිස්ත්‍රික්කයකම කාර්යාල කවුන්ටර් 50 ක් ස්ථාපිත කිරීමටයි ආගමන විගමන දෙපාර්තමේන්තුව තීරණය කර ඇත්තේ.

WhatsApp Group

Skip to content