Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

තම රටට බලපෑ ගේබ්‍රියල් සුළි කුණාටුව හේතුවෙන් මේ වන විට මරණ 4ක් වාර්තාවී ඇති බව නවසීලන්තය පවසනවා.

කෙසේ වෙතත්, සුළි කුණාටුවේ බලපෑම මෙතෙක් අවසන් වී නොමැති බවට කාලගුණ අංශ  අනතුරු ඇඟවුණද, කුණාටුවේ නරකම තත්ත්වය මේ වනවිට පහව ගොස් ඇති බව සඳහන්.

මියගිය අයගෙන් තිදෙනෙකු කුණාටුව අවස්ථාවේදී අතුරුදන් වූ ගිනිනිවන භටයන් බවට විශ්වාස කරන අතර, එම සිරුරු සුළි කුණාටුවේ ප්‍රබලතම බලපෑම සිදුවූ හෝක් බේ කලාපය ආශ්‍රිතවයි  හමුවී ඇත්තේ.

මීට අමතරව කුඩා දරුවෙකුද සුළි කුණාටුව හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මියගිය ගණන මීට වඩා වැඩිවිය හැකි බවටද සැක මතුව තිබෙනවා.

WhatsApp Group

Skip to content