Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

මෙම වසරේ දී ගොවි ජනතාවට වගා කටයුතු සඳහා අවශ්‍ය සහන සැලසීමට රජය විසින් රුපියල් මිලියන 56,000ක මුදලක් වෙන් කර තිබෙනවා.

ගොවි ජනතාවට තම නිෂ්පාදන සඳහා වැය වන පිරිවැය අවම කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ අරමුණින් මෙම මුදල රජය විසින් ලබා දී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවා.

ඒ, මෙම වර්ෂයේ පළමු කාර්තුව තුළ අවසන් කළ යුතු ව්‍යාපෘති සම්බන්ධව සමාලෝචන රැස්වීමකට සහභාගි වූ අවස්ථාවකදීයි .

වගා කටයුතුවල දී මුලික වියදම් ඉහළ යාම නිසා ගොවීන් පත්වන අසීරුතාවයන් මඟ හරවා ගැනීම සඳහා මෙම මුදල ලබා දීමට තීරණය කළ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

WhatsApp Group

Skip to content