තෝරාගත් ගොවීන් පිරිසක් සඳහා නොමිලේ යූරියා පොහොර මිටියක් ලබාදීමේ වැඩසටහනක් මේ වන විට ආරම්භ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ හෙක්ටයාර භාගයට වඩා අඩු ගොවීන් සඳහා මෙම යූරියා පොහොර මිටිය හිමිවන බවයි.
මෙ වන විට අදාළ වැඩසටහන දිවයිනේ දිස්ත්‍රික්ක හතක ක්‍රියාත්මක බවයි අමාත්‍යවරයා පවසන්නේ.

එසේම හේකටයාරයකට රුපියල් විසි දහස බැගින් ලබාදීමේ වැඩසටහනද මේ විට ආරම්භ කර ඇති බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් කියා සිටියේ.

WhatsApp Group

Skip to content