එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත පන්දුවාර 20 ජාත්‍යන්තර ලීගය හෙවත් අයි.එල් ටී ටුවෙන්ටි තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න ගිවිසුම් ගතව තිබෙනවා.

මෙලෙස ඔහු ගිවිසුම් ගත වී ඇත්තේ ඩුබායි කැපිටල්ස් කණ්ඩායම සමග බවයි එම කණ්ඩායම නිවේදනය කළේ.

පාදයක ආබාධයක් හේතුවෙන් ශල්‍යකර්මයකට මුහුණ දුන් වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර වෙනුවට චාමිකව අදාළ කණ්ඩායම විසින් තෝරා ගෙන ඇති බව වාර්තා වනවා .

තරගාවලිය ජනවාරි 13 වැනිදා සිට පෙබරවාරි 12 වැනිදා දක්වා පැවැත්වෙන අතර, පළමු වරට සංවිධාන කරන මෙම තරගාලිය සදහා තරග 34 ක් ඇතුළත් .

WhatsApp Group

Skip to content