චීනයෙන් සිදුකෙරෙන කකුළුවන් ආනයනය තහනම් කිරීමට තායිවානය පියවර ගෙන තිබෙනවා.

ඒ චීනයෙන් ආනයනය කරන ආහාර – අනාරක්ෂිත බවට චෝදනා කරමින්.

චීනයෙන් ආනයනය කෙරෙන කකුළුවන්ගේ පිළිකාකාරක රසායනිකය අඩංගු බවයි තායිවානය පවසන්නේ.

ඒ අනුව කකුළුවන් ආනයන තහනම වාර්තා  වන්නේ චීනයේ නිෂ්පාදනය කෙරෙන ආහාර මෙන්ම උපාංග භාවිතයේදී පවතින අවදානම් තත්ත්වය සම්බන්ධයෙන් කතා බහට ලක්වෙමින් ඇති පසුබිමකයි.

සෞඛ්‍ය හේතූන් මත තායිවානය මීට පෙර ද චීනයෙන් කකුළුවන් ආනයනය තහනම් කර තිබුනා.

ජපානය, දකුණු කොරියාව, අමෙරිකාව සහ හොංකොං රාජ්‍යය ද එලෙස චීනයෙන් කකුළුවන් ආනයනය තහනම් කළ රටවල් අතරට අයත්.

WhatsApp Group

Skip to content