Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

චීන රජය විසින් මෙරටට ලබා දී ඇති ඉන්ධන ලීටර් මිලියන 10.06න් ඉන්ධන ලීටර් මිලියන 6.98ක් ශ්‍රී ලංකාවේ වී වගාවේ නියුතු ගොවිජනතාවට සහන සැලසීමක් වශයෙන් ලබා දීමට තීරණය කරන බව කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා .

චීන රජයෙන් ලැබුනු සමස්ත ඉන්ධන ප්‍රමාණයෙන් ඉතිරි කොටස මෙරට ධීවර කටයුතු සඳහා ලබා දීමට නියමිතයි .

කෙසේ වුවද කෘෂිකාර්මික ක්ෂේත්‍රය සඳහා ලබා දුන් ඉන්ධන ලීටර් මිලියන 6.98 වී වගාවේ නියුතු ගොවි ජනතාව අතර බෙදා දීම සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරින් සමග සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම සාකච්ඡාවට අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා ද සහභාගි වී සිටියා .

ඒ අනුව මෙම ඉන්ධන ලීටර් මිලියන 7.5ක ප්‍රමාණය මෙම මාස් කන්නයේ වී අස්වනු නෙළාගන්නා අවස්ථාවේ ලබා දීමට තීරණය කර ඇති බව සදහන් .

WhatsApp Group

Skip to content