Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චන්ක් විසින් බි්‍රතාන්‍ය රූපවාහිනි නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදී ඇය විසින් පවසන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශකයක් සම්බන්ධයෙන් චීන රජය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන් කර ඇත්තේ අදාළ සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවට උපකාර කිරීම සඳහා චීනය විසින් බලපෑම් සිදු කරන බවටයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගයද පමා වන්නේ චීනය විසින් සිදු කරන ලද යම් කිසි බලපැමක් මත බවටයි බි්‍රතාන්‍ය රූපවාහිනි නාලිකාවකදී අමෙරිකානු තානාපතිවරිය චීනයට චෝදනා නගා ඇත්තේ.

මෙම සිය`ඵ චෝදනා සිය රජය ප්‍රතික්ෂේප කරමිනුයි අදාළ නිවේදනය චීන රජය විසින් නිකුත් කරනු ලැබුවේ.

එමෙන්ම ඇමෙරිකානු තානාපතිවරියගේ පදනම් විරහිත චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවටයි චීනය විසින් නිකුත් කරන ලද නිවේදනයේ දක්වා ඇත්තේ.

මේ අතර ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් දරුණු ප්‍රපාතකයට ඇද වැටී ඇති මොහොතක සහල්, ඩීසල්, ඖෂධ, දරුවන්ගේ පාසල් නිල ඇඳුම් රෙදි මෙන්ම මුදල් ද ලබා දී සහාය පල කළේ චීනය බවටයි ඔවුන් පවසන්නේ.

කිසිඳු කොන්දේසියකින් තොරව මිතුරෙකු ලෙස සලකා ශ්‍රී ලංකාවට සහාය ලබා දීම සිය අරමුණ පමණක් බවයි චීනය විසින් නිකුත් කරන ලද නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙන්නේ.

WhatsApp Group

Skip to content