Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරතාවය 5 වන වරටත් දිනා ගැනීමට චෙන්නායි සුපර් කිංස් කන්ඩායම අද අලුයම සමත් වුණා .

ඒ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පරාජය කර කඩුලු 5 ක ජයක් අවසන් පන්දුවේදී වාර්තා කරමින් .

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ චෙන්නායි කන්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කලා .

ඒ අනුව පිටියට පිවිසි ගුජරාට් කන්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී රැස් කල ලකුනු සංඛ්‍යාව 214 ක් .

එහිදී සායි සුදර්ශන් පන්දු 47 කින් ලකුනු 96 ක් රැස් කල අතර විද්ධිමන් සහා ලකුනු 54 ක් ලබා ගත්තා .

පන්දු යැවීමේදී මතීශ පතිරණ කඩුලු 2ක් ද රවීන්ද්‍ර ජඩේජා සහ දීපක් චහාර් එක් කඩුල්ල බැගින් ද දවා ගැනීමටයි සමත් වුනේ .

ලකුනු 215 ක ඉලක්කයක් හඹා යාම සදහා චෙන්නායි කණ්ඩායම පිටිය පිවිසුන ද තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා .

අනතුරුව ඔවුන්ට ඩක්වත් ලුවිස් න්‍යාය අනුව හිමි වුනේ පන්දුවාර 15 ක් තුල ලකුනු 171 ක ඉලක්කයක් .

එම ඉලක්කය නියමිත පන්දුවාර සංඛ්‍යාවේ අවසන් පන්දුවේදී පසු කර යාමට චෙන්නායි ක්‍රීඩකයින්ට හැකියාව ලැබුනා .

එහිදී ඩෙවෝන් කොන්වේ ලකුනු 47 ක් ලබා ගත් අතර රවීන්ද්‍ර ජඩේජා නොදැවී ලබා ගත් ලකුනු සංඛ්‍යාව 15 ක් .

ඒ අනුව 16 වන අයි .පී.එල් තරගාවලියේ ශූරතාවය 5 වන වරටත් දිනා ගැනීමට චෙන්නායි සුපර් කිංස් කන්ඩායම සමත් වුනා.

තරගයේ වීරයා වශයෙන් චෙන්නායි කන්ඩායමේ ඩෙවෝන් කොන්වේ නම් කෙරුණු අතර තරගාවලියේ වීරයා සම්මානය හිමි වුනේ මෙවර තරග වාරයේ වැඩිම ලකුනුලාභියා ද වන ගුජරාට් කණ්ඩායමේ ශුබ්මන් ගිල් හටයි.

WhatsApp Group

Skip to content