Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පළාත් පාලන ඡන්දයට තරඟ වදින සියලු දේශපාලන පක්ෂවල ලේකම්වරුන් අද මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා.

නාම යෝජනා භාර ගැනීමෙන් පසු මැතිවරණ කොමිසම, දේශපාලන පක්ෂ හමුවන පළමු අවස්ථාව මෙයයි.

මේ අතර, පළාත් පාලන ඡන්ද විමසීමේ දී අපේක්ෂකයෙකුට ඡන්දදායකයෙකු වෙනුවෙන් වැය කළ හැක්කේ රුපියල් 15ක් පමණක් බවට තීරණය කර තිබෙනවා.

එම තීරණය ගෙන තිබුණේ, දේශපාලන පක්ෂ ලේකම්වරුන් සමඟ මැතිවරණ කොමිසම සමඟ අද පැවති සාකච්ඡාවේ දී යි.

මේ අතර අද කොළඹ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව අපේක්ෂකයින් හට වැඩිපුර ඉන්ධන ලබා දීමට හැකියාවක් නොමැති බවයි.

 

WhatsApp Group

Skip to content