මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ධුරයෙන් ජනක රත්නායක මහතා ඉවත් කිරීමේ යෝජනාව හෙට (24) දිනයේ පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබෙනවා.

මුදල් අමාත්‍යවරයා විසින් අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කිරීමටයි කටයුතු කලේ .

එම විවාදය තම පවුලේ පිරිස සමග මහජන ගැලරියේ සිට නැරඹීමට අවස්ථාව ලබා දෙන ලෙස ද පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගෙන් ජනක රත්නායක මහතා ඉල්ලීමක් කර ඇති බව වාර්තා වනවා .

මේ අතර මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා එම ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාවට දේශපාලන පක්ෂ රැසක් විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර තිබෙනවා.

මගි ජනබලවේගය, ජාතික ජන බලවේගය , නිදහස ජනතා සභාව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ උත්තර ලංකා සභාගය එම යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරනු ඇති.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අදාළ යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමටයි තීරණය කර අත්තේ .

මෙන්ම මේ සම්බන්ධව දෙමළ ජාතික සන්ධානයේ තීරණය අද දිනයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

මේ පිලිබදව ඊයේ දිනයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මාධ්‍ය වෙත මෙලෙස අදහස් පල කලා.

https://www.vnews.lk/storage/2023/05/WASU-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content