ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද මැයි දින රැළි දෙකකට එක්වීමට නියමිතව තිබෙනවා.

ලංකා කම්කරු කොංග්‍රසය සංවිධානය කරන මැයි දින රැළිය අද පෙරවරු 10 ට කොටගල මහජන ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිත අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රථමයෙන් ඊට එක්වීමට නියමිතයි.

අනතුරුව එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළිය අද පස්වරු 02 ට මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගනයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.

WhatsApp Group

Skip to content