සංවර්ධනය වෙමින් පවතින රටවලට ඔවුන්ගේ ජාතික වශයෙන් වැදගත් ඉලක්කයන් සපුරාලීම සදහා 2030 වන විට ඩොලර් ටි්‍රලියන 5.9 දක්වා මූල්‍ය ප්‍රතිපාදන අවශ්‍ය වන බව ජී 20 සමු`ඵව විසින් යළිත් අවධාරණය කර ඇති බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියා.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ තිරසර සංවර්ධන ඉලක්ක පිළිබදව 2023 සමු`ඵවේදී සිය දේශනය ඉදිරිපත් කරමින්.

එමෙන්ම 2050 වර්ෂයේදී ශුද්ධ ශූන්‍ය විමෝචනය වෙත ළඟා වීම සදහා පුනර්ජනනීය බලශක්ති තාක්ෂණයන් භාවිතයට ගැනීම වෙනුවෙන් වසරකට අමෙරිකානු ඩොලර් ටි්‍රලියන 4 ක් අවශ්‍ය වන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසූ බවටයි ජනාධිපති මාධ්‍ය අංශය පවසා සිටියේ.

WhatsApp Group

Skip to content