Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂ එකට එක් වුවත් මේ මොහොතේ ඒ කිසිවකුට සියයට 50ක ඡන්ද පදනමක් නොමැති බවත්, එබැවින් සියලුදෙනා එක්විය යුත්තේ මැතිවරණයක් සඳහා නොව ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

තවමත් මෙරට තරුණ පරපුර ඇතුළු ජනතාවගෙන් අතිමහත් බහුතරයක් අතර මැතිවරණ හා දේශපාලනය පිළිබඳ විශ්වාසය කඩ වී ඇති බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති ජාතික නීතිඥ සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළා.

නීතිය හා සාමය, දේශපාලන සහ ආර්ථීක ස්ථාවරත්වය යළි ස්ථාපිත කිරීමෙන් අදහස් වන්නේ ශ්‍රී ලංකාව මුළුමනින්ම අර්බුදයෙන් මිදී ඇති බව නොවන බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙම සමස්ත ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා ඉදිරියේදී විශාල කැපවීම් කළ යුතුව ඇති බවයි පෙන්වා දෙන්නේ.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙම ප්‍රකාශයට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රතිචාර දක්වා තිබෙනවා.

මෙරට දේශපාලන පක්ෂ සදහා සියයට 50 ඡන්ද පදනමක් ලබා ගැනීමට හැකියාව තිබේද නැද්ද යන්න පිළිබඳ දැන ගැනීමට ජනාධිපතිවරණය මෙම වසරේදී පවත්වන ලෙස ජනාධිපතිවරයාට සදහන් කරන බවයි උද්දකන්දර ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් විපක්ෂ නායකවරයා සදහන් කළේ.

 

https://www.vnews.lk/storage/2023/06/SAJITH-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content