මෙරට අධ්‍යන චාරිකාවකට සහභාගී වීම සදහා ජර්මන් ජාතික සංචාරක නියෝජිතයන් 30 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා .

ඔවුන් මෙම කාළසීමාව තුළ ශ්‍රී ලංකාවේ හබරණ , දඹුල්ල , මහනුවර , නුවරඑළිය , බෙන්තොට සහ ගාල්ල යන ප්‍රදේශ වල සංචාරයේ නියැලෙමින් මෙම අධ්‍යයන චාරිකාව සිදු කිරීමට නියමිතයි .

ජර්මනියේ සිට පැමිණෙන සංචාරකයන්ට නව සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව හදුන්වා දීම මෙම සංචාරය තුළින් අපේක්ෂා කෙරෙනවා .

මෙම පිරිස පිළිගැනීම සදහා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් සහ මෙම වැඩසටහන සංවිධානය කරන , පාටා ජර්මනි සංචාරක සේවා නියෝජිත ආයතනයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි බවයි අප වාර්තාකරු සදහන් කළේ .

WhatsApp Group

Skip to content