Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

තම ප්‍රතිපත්තීන්ට එකඟ වන්නේ නම් ජනතා විමුක්ති පෙරමුණ වුවද එකතු කර ගැනීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

එහි ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා මේ බව කියා සිටියේ පළාත් පාලන මැතිවරණයට අදාළව අනුරාධපුර දිස්ත්‍රික්කයේ වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීමෙන් අනතුරුව ඊයේ(10) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රධාන ලේකම්වරයා පැවසුවේ තම පක්සය තීන්දු තිරණ ගන්නේ රට වෙනුවෙන් බවත්ය.

කෙසේ වෙතත් විපක්ෂය පොදුජන පෙරමුණට චෝදනා කරමින් සිටිනවා හැර රටට වැඩදායී වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරිමට කයොතු නොකරන බවද ඔහු කියා සිටියා.

එසේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය අතර සන්ධානයක් ගොඩනැගෙන්නේ නම් එසේ වන්නේ රටේ සහ ජනතාවගේ බලාපොරොත්තු වෙනුවෙන් බවද සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් කියා සිටියා.

 

 

WhatsApp Group

Skip to content