ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහන හිමිකරගත හැකි මලල ක්‍රීඩකයින් ගොඩනැගිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවෙන් පසුව නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.
මෙම අවස්ථාවට ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා එක්ව සිටියා.
දියගම ක්‍රීඩාංගනය මේ වන විට පත්ව තිබෙන තත්ත්වය පිළිබද නිලධාරීන් සොයා නොබැලීම පිළිබද මෙහිදී ජනාධිපතිවරයාගේ දැඩි විවේචනයට ලක්වුණා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ද මෙහිදී අදහස් පලකළා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311