වර්ෂාව හේතුවෙන් පන්දුවාර 11 කට සීමා වූ දකුණු අප්‍රිකාවට එරෙහි පළමු 20යි 20 තරගයෙන් කඩුලු 3 ක තියුණු ජයක් වාර්තා කිරීමට කොදෙව්වන් ඊයේ රාත්‍රියේ සමත් වුණා.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව කඩුලු 8 ක් දැවී රැස් කල ලකුණු සංඛාව 131 ක්.
එහිදී ඩේවිඩ් මිලර් ලකුණු 48 ක් රැස් කිරීමට සමත් වුණා .
පන්දු යැවීමේ දී ශෙල්ඩන් කොට්‍රලේ හා ඔඩියන් ස්මිත් කඩුලු 2 බැගින් දවා ගත්තා .
තරගය ජය ගැනීම සදහා පන්දුවාර 11 කදී ලකුණු 132 ක ඉලක්කයක් හඹා ගිය කොදෙව්වන් ඉනිම නිමා වීමට පන්දු 3ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහි ඉලක්කය පසු කළේ කඩුලු 7ක් පමණක් දැවී සිටියදීයි.
එහිදී බටහිර ඉන්දීය කොදෙව් නායක රොව්මන් පවෙල් පන්දු 18 කින් නොදැවී වාර්තා කළ ලකුණු 43 ක් වාර්තා කළා.
පන්දු යැවීමේ දී සිසන්ඩා මාගලා ලකුණු 21 කට කඩුලු 3 ක් දවා ගත්තා.
දෙරට දෙවන පන්දුවාර 20 තරගය අද මෙරට වේලාවෙන් පස්වරු 05.30 ට පැවැත්වීමට නියමිතයි .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311