ජාතික ජනබලවේගය සංවිධානය කළ විරෝධතා රැළියට එල්ල කළ ජල සහ කදු`ඵ ගෑස් ප්‍රහාරය තරයේ හෙලා දකින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායකයා විසින් වැඩිදුරටත් පවසා සිටියේ කිසිදු නායකයෙක් හෝ පක්ෂයක් සෑම විටම සහමුලින්ම නිවැරදි නොවන අතර ප්‍රඡාතන්ත්‍රවාදය තුළ විරුද්ධ හඩවල් ඉවසා සිටිය යුතු බවයි.

ජාතික ජනබලවේගය පක්ෂයේ විරෝධතාවයට එල්ල කළ ප්‍රහාරය හේතුවෙන් බොහෝ දෙනෙකුට බරපතල තුවාල සිදු වී ඇතැයි විපක්ෂ නායකවරයා සිය ට්විටර් පණිවිඩය මගින් සදහන් කර ඇත්තේ.

මෙම තත්ත්වය තුළ මහජනතාවට එරෙහිව ආණ්ඩුවේ තර්ජනය පැහැදිලි බවද, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

ඊයේ පැවති විරෝධතාවයේදී 28 දෙනෙකු රෝහල්ගත කළ අතර ඉන් කිහිප දෙනෙකු තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

මැතිවරණය කල්දැමීමේ කුමන්ත්‍රණයට එරෙහිව විරෝධය කොළඹට යන මැයෙන් ජාතික ජනබලවේගය විරෝධතා පාගමනක් අරම්භ කරනු ලැබුවේ විහාර මහා දේවි උද්‍යානය අසලිනුයි.

මේ සදහා අධිකරණ නියෝග 2 ක් ද නිකුත් කරනු ලැබුවා.

කෙසේ වෙතත් ඔවුන් පා ගමනින් ටවුන් හෝල් ප්‍රදේශයට පැමිණි කොටුව දෙසට ගමන් කිරීමට උත්සහ කිරීමත් සමග පොලිසිය විසින් ජල හා කදු`ඵ ගෑස් ප්‍රහාර එල්ල කර විසුරුවා හරිනු ලැබුවා.

මේ අතර ඊයේ දින සිදු කරන ලද පහර දීම සම්බන්ධයෙන් ජාතික ජනබලවේගයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේ පළාත් පාලන මැතිවරණයක් පවත්වන තෙක් සිය අරගලය අත්නොහරින බවයි.

https://www.vnews.lk/storage/2023/02/SUNIL-HADUNNETTHI-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content