ජාතික පාසල්වලට අතරමැදි ශ්‍රේණි සදහා සිසුන් ඇතුලත් කිරීමට අදාල අයදුම්පත් කැදවීම ආරම්භ කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ 6 ශ්‍රේණිය හැර දෙවන ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුලත් කිරීමට අදාල අයදුම්පත් කැදවීමට ආරම්භ කර ඇති බවයි.

ඒ අනුව අමාත්‍යාංශය නිකුත් කර ඇති චක්‍රලේඛ අනුව පවතින පුරප්පාඩු සදහා සිසුන් තෝරා ගැනීම සදහා පාසල් මගින් අවශ්‍ය පියවර ගනු ඇති.

එමෙන්ම ජාතික පාසල්වල අතමැද ශ්‍රේණි සදහා සිසුන් ඇතුලත් කිරීම වෙනුවෙන් මින් ඉදිරියට ලිපි නිකුත් නොකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා.

WhatsApp Group

Skip to content