ජාතික සභාව මගින් විදුලිබල මණ්ඩලයට දැනුම් දීමක් සිදුකර තිබෙනවා.

ඒ විදුලිබිල ඉහළ දැමීම සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසම විසින් ලබන 15 වන දා දැනුම් දීමට නියමිත අවසන් තීරණය ගැනීමට පෙර විදුලිබල මණ්ඩලය සහ එම කොමිෂන් සභාව හමු වී සාකච්ඡා කරන ලෙසයි.

ජාතික සභාව විසින් අද පාර්ලිමේන්තුවේදී අදාළ නිලධාරීන්ට මේ බව දැනුම් දුන්නා.

ඒ අනුව අද පස්වරුවේ හමු වී මේ පිළිබඳ සාකච්ඡා කිරීමටයි දෙපාර්ශවයේ නිලධාරීන් එකඟ වී ඇත්තේ.

කථා නායක මහින්ද යාපා අබේවර්ධන සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජාතික සභාව රැස්ව තිබුණා.

මෙහිදි විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා පැවසුවේ විදුලිබල මණ්ඩලය 60%ක විදුලි ගාස්තු වැඩිවීමක් ඉල්ලා සිටින පසුබිමක අවශ්‍ය ප්‍රතිශතය ඉහළ දැමීමට අවසර නොලැබුණහොත් බරපතල අර්බුදයකට මුහුණ දීමට සිදුවන බවයි.

ඒ අනුව ඉදිරියේදී ගල්අගුරු ආනයනය කිරීමට පවා මුදල් නොමැති වීම හේතුවෙන් දීර්ඝ විදුලි කප්පාදුවකට යාමේ අවදානමක් පවතින බවද ඔහු මෙහිදි පෙන්වා දුන්නා.

මේ අතර මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ වන විට විදේශගතව සිටීම පිළිබඳව ද ජාතික සභාවේදී අවධානය යොමුව තිබෙනවා.

WhatsApp Group

Skip to content