Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ඇප මත මුදාහැර සිටින ක්‍රිෂ් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකා ජානකි සිරිවර්ධන මහත්මියට විදේශගත වීම සඳහා අධිකරණයෙන් කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

තිළිණි ප්‍රියමාලිගේ මහා පරිමාණ මුදල් වංචා කිරීමේ සිද්ධියට අදාළව ජානකි සිරිවර්ධන මහත්මිය අත්අඩංගුවට ගැනුණා.

ඇයගේ නීතිඥයින් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ ව්‍යාපාරික කටයුත්තක් සඳහා ඇයට ඉන්දියාවට අවශ්‍යව ඇති බවයි.

ඒ අනුව ඇයට ඒ සඳහා විදේශගත වීමට අවසර ලබාදෙන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියා.

කෙසේ වෙතත් එහිදී අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව අදාළ ඉල්ලීමට විරෝධය පළ කරනු ලැබුවා.

ඒ අනුව ජානකි සිරිවර්ධන මහත්මියගේ නීතිඥයින් කරන ලද ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

WhatsApp Group

Skip to content