Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Jaffna Kings කණ්ඩායම අඛණ්ඩව තුන්වන වරටත් ලංකා ප්‍රිමියර් ලීග් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා.

මීට පෙර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලි 02ක් පැවති අතර එම තරගාවලි දෙකේම ජයග්‍රාහී කණ්ඩායම වූයේ ද Jaffna Kings කණ්ඩායමයි.

Jaffna Kings සහ Kandy Falcons  අතර ඊයේ පැවති තරගයේ කාසියේ වාසිය හිමි වීමත් සමග පළමුව පන්දුවට පහරදීමට Kandy Falcons කණ්ඩායම තීරණය කළා.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 143 ක්.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ  Jaffna  කණ්ඩායමට වර්ෂාවෙන් බාධා එල්ල වීමත් සමග පන්දුවාර 11ක්

අවසානයේ කඩුලු 03ක් දැවී සිටියදී ලබා ගත හැකි වූයේ ලකුණු 98ක් පමණයි.

පසුව ඩක්වර්ත්-ලුවිස් න්‍යාය අනුව Jaffna Kings කණ්ඩායමට ජය හිමි වූයේ ලකුණු 24කින්.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ දෙවන තරගයේ ජය වාර්තා කිරීමට කලම්ඹු ස්ටාර්ස් කණ්ඩායම සමත්වුනා.

කලම්බු ස්ටාර්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති එම තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රමාදවී ආරම්භ කෙරුණා. ඒ එක් කණ්ඩායමක් පන්දුවාර 18කට සීමා කරමින්.

කාසියේ වාසිය දිනාගැනීමට කලම්බු ස්ටාර්ස් කණ්ඩායම සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුයැවීමටයි.

ඒ අනුව නියමිත පන්දුවාර 18 අවසානයේ කඩුලු 09ක් දැවී ගෝල් ග්ලැඩියේටර්ස් ලකුණු 108ක් රැස් කරනු ලැබුවා.

කලම්බු ස්ටාර්ස් පන්දුවාර 16යි පන්දු 5ක් අවසානයේ කඩුලු 3ක් දැවී ජයග්‍රහණය වාර්තා කළා.

WhatsApp Group

Skip to content