යාපනයේ, ප්‍රදේශයේ ධීවරයෙකු ඉස්සන් අල්ලමින් සිටියදී “ජෙලි ෆිෂ් “මාලුවෙකුගේ ප්‍රහාරයකින් ඊයේ මිය ගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ යාපනය කුරුනගර් ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙක්.

මියගිය ධීවරයාගේ මළ සිරුර සම්බන්ධයෙන් යාපනය ශීක්ෂණ රෝහලේ පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී විෂ ද්‍රව්‍යයක් ශරීර ගත වීම හේතුවෙන් මෙම මරණය සිදු වූ බව වාර්තා වනවා .

“ජෙලි ෆිෂ්“ වර්ගයේ මසුන් ධීවරයින්ගේ සම හා ස්පර්ෂ වූ විට මත්ස්‍යයාගෙන් නිකුත් වන තද බල විෂ රසායන ද්‍රව්‍යක් නිසා ධීවරයින් මෙලෙස මියයන බවයි සඳහන් වන්නේ.

කෙසේ වෙතත් පසුගිය වසර දෙක ඇතුළතදී උතුරේ ධීවරයින් හතර දෙනෙකුම “ජෙලිෆිෂ් “ප්‍රහාර වලට ලක් වී මිය ගොස් තිබෙනවා.

WhatsApp Group

Skip to content