Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුලු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනු කර ඇති අල්ලස් නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ලබන මස 9 වනදා එම නඩුව යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළා.
ඒ, මෙම නඩුව මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේ දී.
2012 වර්ෂයේ දී වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී ලංකා සතොස ආයතනයේ සේවකයින් රාජකාරීවලින් ඉවත් කර දේශපාලන ක්‍රීයාවල යෙදවීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇති බවට චෝදනා කරමිනුයි මෙම නඩුව ගොනු කර ඇත්තේ.
ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුලු තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.

WhatsApp Group

Skip to content