ටෙස්ට් ලෝක ශූරතා අවසන් තරගය හෙට එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

ඕස්ටේ්‍රලියාව සහ ඉන්දියාව අතරයි එම තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ.

2021 සිට 2023 වසර වලදී කණ්ඩායම් 9 ක් සහභාගි වූ ටෙස්ට් තරග ප්‍රතිඵල මත ප්‍රසාද ලකුණු සටහනට අනුව පළමු සහ දෙවන කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලබා සිටිනවා.

ඒ අනුව පළමු ස්ථානය ලබාගත් ඕස්ටේ්‍රලියාව තරග 19 න් 11 ක් ජයගෙන තිබෙනවා.

ඉන්දියාව තරග 18 න් 10 ක් ජයගෙන දෙවන ස්ථානයට පත් වුණා.

 

WhatsApp Group

Skip to content