එතෙක් මෙතෙක් ලොව විශා­ල­තම ගුව­න්තො­ටු­පොළ පර්ය­න්තය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුව­රදී ඉදිකරන බව එරට උප­ජ­නා­ධි­පති සහ ඩුබායි පරි­පා­ල­ක ශේක් මොහො­මඩ් බින් රෂීඩ් අල් මක්තුම් නිවේ­ද­නය කර තිබෙනවා.

පසු­ගි­යදා ගංව­තු­රට යට වූ ඩුබායි ජාත්‍ය­න්තර ගුව­න්තො­ටු­පොළේ සිට දකුණු දෙසින් ඉදි කිරී­මට අපේ­ක්ෂිත එම ගුවන් පර්ය­න්තය සඳහා අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 34.85ක් වැය වන බව සඳහන් වේ.

වාර්ෂි­කව ගුවන් මගීන් මිලි­යන 260කට වැඩි ප්‍රමා­ණ­ය­කට පහ­සු­කම් සැල­සිය හැකි නව පර්ය­න්තය වර්ග කිලෝ­මී­ටර් 70ක වප­ස­රි­ය­කින් සහ ගුව­න්යානා ධාවන පථ 5කින් සම­න්විත වනු ඇතැයි ද, ගුව­න්යානා ප්‍රවේශ දොරටු ( terminal gates) 400කින් සම­න්විත වනු ඇතැයි ද ශේක් අල් මක්තුම් වැඩි­දු­ර­ටත් නිවේ­ද­නය කර තිබේ.

WhatsApp Group

Skip to content