ඩෙංගු අධි අවධානම් කලාප ලෙස රටපුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 59 ක් නම් කර තිබෙනවා .

කෙසේ වෙතත් මෙතෙක් ඩෙංගු අධි අවධානම් කලාප ලෙස නම් කර තිබුනේ සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාස 19ක් පමණයි .

රටපුරා ක්‍රමයෙන් ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් පැතිර යාම හේතුවෙන් අධි අවධානම් කලාප සංඛ්‍යාව ඉහළ ගිය බව ද ජාතික ඩෙංගු මර්ධන වැඩසටහන සඳහන් කරනවා .

එම වැඩසටහන සදහන් කලේ වාද්දූව, උඩුනුවර,වත්තේගම, අකුරැස්ස, වලස්මුල්ල, පුත්තලම,බදුල්ල,කුරුවිට සහ කෑගල්ල, ඇතුළු අලුතින් නම් අධි අවධානම් කලාප තුලින් ඩෙංගු උණ රෝගීන් බහුල වශයෙන් හමුවන බවයි .

WhatsApp Group

Skip to content