Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

යාපනය ඩෙල්ෆ් පොලිස් වසමේ පංච පුද්ගල ඝාතන සිද්ධියෙන් බරපතල තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි වයෝවෘද කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා .

මෙලෙස මියගොස් ඇත්තේ 100 හැවිරිදි වියේ පසුවූ රසාවින් තෝට්ටම් පාර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් .

ඒ අනුව එම සිද්ධියෙන් මේ වනවිට මියගොස් ඇති සංඛ්‍යාව 6 ක් වනවා .

සිද්ධිය වූ දිනයේම කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා .

ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් පසුගිය 22වනදා අත්අඩංගුවට ගනු ලැබුවා .

පුංකුඩුතිව් ප්‍රදේශයේ නිවසක සිටිය දී අදාළ සැකකරුව පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා .

ජර්මනියේ සිට මෙරටට පැමිණ සිටි සැකකරු රත්‍රං ඇතුළු වටිනා භාණ්ඩ මංකොල්ලාකෑමේ අරමුණින් එම ඝාතන සිදුකර ඇති බවට පොලීසිය සැක පලකරනවා .

එම පුද්ගලයා අවුරුදු 20ක් පමණ ජර්මනියේ ජීවත්ව මෙරටට පැමිණි අයෙක් බව ද පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා .

එම සාහසික අපරාධය සිදුව තිබුණේ යාපනය, ඩෙල්ෆ් දූපතේ ජැටියට ආසන්න මාවේලි ප්‍රදේශයේ නිවසක් තුළයි .

WhatsApp Group

Skip to content