Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ණය පදනම මත භාණ්ඩ හා සේවා ලබාගැනීමෙන් වළකින ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රජයේ සිය`ඵ නිලධාරින්ට දැනුම් දී තිබෙනවා.

ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලය වෙත දැනුම් දී ඇත්තේ රාජ්‍ය ආදායම, වියදම් ඇස්තමේන්තුවට වඩා පහළ මට්ටමක පවතින බැවින් රජයේ වියදම් කපා හැරීමට කටයුතු කරන ලෙසයි.

මේ ඒ පිළිබදව වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ කැබිනට් අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා.

https://www.vnews.lk/storage/2023/01/BANDULA-GUNAWARDHANA-EDIT-02.mp3?_=1

මේ අතර විසි හයදහසකට වඩා වැඩි පිරිසක් ගුරුවරුන් ලෙස බඳවා ගැනීමට කටයුතු කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

ඒ අනුව දැනට රාජ්‍ය සේවය තුළ සිටින අයගෙන් එම බඳවා ගැනීම් සිදු කරන බවයි ඔහු පැවසුවේ. අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී බන්ධුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළා.

WhatsApp Group

Skip to content