ඉන්දු – ශ්‍රී ලංකා එක්දින තරගාවලියේ පලමු තරගයෙන් ලකුණු 67 ක ජයක් වාර්තා කිරීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා .

මෙම තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකාව තීරණය කලේ පළමුවෙන් පන්දු රැකීමටයි.

ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 7 ක් දැවී ලබා ගත් ලකුණු සංඛාව 373 ක් .

එහිදී විරාට් කෝලි ලකුණු 113 ක් ලබා ගනිමින් තම 45 වන ජාත්‍යන්තර ශතකය වාර්තා කල අතර නායක රෝහිත් ශර්මා ලකුණු 83 ක් රැස් කළා .

පන්දු යැවීමේදී ලකුණු 88 කට කසුන් රාජිත දවා ගත් කඩුළු ගණන 3ක් .

කෙසේ වෙතත් ලකුණු 374 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 50 අවසානයේ ලබා ගත හැකි වුයේ කඩුළු 8 ක් දැවී ලකුණු 306 ක් පමණයි.

එහිදී පැතුම් නිශ්ශංක ලකුණු 72 ක් රැස් කල අතර විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කල ශ්‍රී ලංකා නායක දසුන් ශානක නොදැවී ලකුණු 108 ක් ලබා ගත්තා .

එය ඔහු ගේ දෙවන ජාත්‍යන්තර ශතකයයි .

පන්දු යැවීමේදී මොහොමඩ් සිරාජ් කඩුළු 2 ක් ද උම්රාන් මලික් කඩුලු 3 ක් ද දවා ගත්තා .

විරාට් කෝලි මෙම තරගයේ වීරයා වශයෙන් නම් කෙරුණා .

WhatsApp Group

Skip to content