පයාගල මුහුදේ දියනෑමට ගිය තරුණයෙකු අතුරුදන්ව තිබෙනවා.

රළ පහරට හසුව ගසාගෙන ගොස් ඇත්තේ මස්කෙළිය ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙක්.

ඔහු තවත් තරුණයින් දෙදෙනෙකු සමග දියනෑමට පැමිණ සිට ඇති බවයි පොලිසිය පැවසුවේ.

මේ අතර හලාවත, මෝයකට ආසන්නයේ දිය නෑමට ගිය තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබුනා.

පොලීසිය සඳහන් කළේ 35 හැවිරිදි පියෙකු, අවුරුදු 6 ක දියණියක් සහ 7ත් හැවිරිදි ඥාති පුත්‍රයෙකු මියගොස් ඇති බවයි.

මීගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම පිරිස හලාවත ඥාති නිවසකට පැමිණ ඇති අතර ඔවුන් 9 දෙනෙකු යාත්‍රාවකින් මෝයකට ආසන්නයට පැමිණ ඇත්තේ දිය නෑම සඳහායි.

පිරිස දිය නාමින් සිටි අවස්ථාවේ රළ පහරකට හසුව ඇති අතර බේරාගත් කාන්තාවක් සහ දරුවෙකු රෝහල්ගත කෙරුනා.

WhatsApp Group

Skip to content