අප්‍රිකානු කලාපයේ වෙසෙන චීටාවුන් ඉන්දියාවට රැගෙනවිත් එහි පරිසරයට මුදා හැරීමේ ක්‍රියාවලිය මේවනවිට සාර්ථකව ක්‍රියාත්මක වනවා.

ඊට සමගාමීව ඉදිරි මාස කිහිපයේදී අප්‍රිකානු චීටාවුන් 16 දෙනෙකු පමණ ඉන්දියාව වෙත ගුවන් මගින් රැගෙන ඒමට නියමිතයි.

දකුණු අප්‍රිකානු රජය සහ ඉන්දීය රජය අතර අත්සන් තැබුණු ගිවිසුමකට අනුව එම චීටාවුන් ඉන්දීයාවේ වනාන්තර සඳහා මුදාහැරීම සිදු කෙරෙනවා.

වනජීවී ආරක්ෂාව සහ තිරසරභාවය වෙනුවෙන් ඉන්දීය රජය ආරම්භ කර ඇති වැඩසටහනේ එක් අදියරක් ලෙස මෙම සතුන් රැගෙන එනු ඇති.

වන සතුන් සංරක්ෂණය සහ එහි සමෘද්ධිමත්භාවය ඉදිරි පරම්පරාවන් වෙනුවෙන් එහි සංවර්ධනය වැදගත් බව ඉන්දීය රජයේ ස්ථාවරයයි.

මීට පෙර ද නැමීබියාවේ සිට චීටාවුන් 08 දෙනෙකු ඉන්දියාව වෙත රැගෙන එනු ලැබුවා .

එම සතුන් එරට පරිසර පද්ධතියට හුරු කිරීම සඳහා වනාන්තරවලවලට මුදාහැරීම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් යුත් ජාතික මට්ටමේ වැඩසටහනක් හරහා සිදු කෙරුණා.

WhatsApp Group

Skip to content