වවුනියාවේ පූන්තෝට්ටම් ප්‍රදේශයේ පිහිටි පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රැඳවියන් 5 දෙනෙකු පලා ගොස් ඇති බව වාර්තා වනවා.

ඔවුන් ව සෙවීම සදහා පොලිසිය හා යුද හමුදාව ඊයේ සිට මෙහෙයුමක් දියත් කොට තිබෙන බව යි වාර්තා වන්නේ.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම සඳහා අධිකරණ නියෝග මත ලබා දෙන පිරිස් මෙම මධ්‍යස්ථානයේ දී පුනරුත්ථාපනය කෙරෙන බව සඳහන්.

ඒ අන්දමට පුනරුත්ථාපනය වෙමින් සිටිය දී මොවුන් පලා ගොස් ඇති අතර, ඔවුන් පලා ගොස් ඇත්තේ සන්ධ්‍යා කාලයේ ක්‍රීඩා පුහුණුවීම් කටයුතුවලළඉරඝනිරත ව සිටි අවස්ථාවක දී බවට වාර්තා වනවා.

පලා ගිය රැදවියන් 5 දෙනාම උතුරු පළාතේ පදිංචිකරුවන් වන අතර, ඔවුන් ව යළි සොයා අත් අඩංගුවට ගැනෙනු ඇති.

WhatsApp Group

Skip to content